ඊයේ එන්න තිබ්බ ඩීසල් නැවට හදිසියේම නොපැමිනි නිසාද මේ ප්‍රශ්න…..

ඇතිවී තිබෙන තත්වය මත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම කිරීමේදී සීමා පැනවීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
නව ඉන්ධන තොග වෙළෙඳ පොළට නිකුත් කිරීමට සිදු වන්නේ සීමිත ඉන්ධන තොගයක් බවත් හෙතෙම සඳහන් කළේය.
මෙවන් අවස්ථාවක සැමදෙනාටම ඉන්ධන ලබාදිය යුතු නිසා ඉන්ධන සීමා කිරීමට සිදුවන බවද හෙතෙම පැවසීය.

පවතින විදේශ විනිමය අර්බුදය නිසා විදේශ විනිමය වැය කිරීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ප්‍රමුඛතාව ලබා දීමට ද ආණ්ඩුව තීරණය කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර දැනටමත් රටපුරා ඉන්ධන පිරවුම්හල් ගණනාවකම අත්‍යවශ්‍ය සේවා සහ රජයේ වාහන සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ ක‍්‍රමයක් අනුගමනය කරනු ලබයි.
ඒ සඳහා වන දැන්වීම් ද ඉන්ධන පිරවුම්හල වල ප‍්‍රදර්ශණය කර ඇත.

මේ අතර පුවත්පතකට තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටමින් සඳහන් කර ඇත්තේ ඊයේ දිනයේ මෙරටට ළඟා වීමට නියමිතව තිබූ ඩීසල් නෞකාව නොවැලැක්විය හැකි හේතුවක් මත අවලංගු කර ඇති බවයි.
ඒ අනුව ඉදිරි දින වල ඉන්ධන අර්බුදය තවත් දරුණු වනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.
නැවතත් ඉන්දන නෞකා මෙරටට පැමිණි පසු පැමිණ ඒවා බෙදා හරින තුරු ඩීසල් හිගය තවදුරටත් පවතිනු ඇතැයිද එකී නිලධාරියා සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?