Empty Ad
AFC Banner
Empty Ad

ඊබ්‍රහීම් සද්‍රාන් ඇෆ්ගන් එක්දින ක්‍රිකට් වාර්තා අලුත් කරයි

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග පිටියේ දී ශතක හයක් ලබාගත් ක්‍රීඩකයින් අතර තෙවැනියා බවට සම – තැන ගන්නට ඊබ්‍රහිම් සද්‍රාන් සමත් වුණා.

ඒ ප්‍රබල එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ වනවිට (26) ලාහෝර් නුවර දී පැවැත්වෙන ශූරයින්ගේ කුසලානයට එක්වෙමින්.

සද්‍රාන් සිය 06 වැනි එක්දින ශතකය ලබා ගැනීමට පන්දු 106ක් වැය කළා.

ඊට අනගි හයේ පහර 03ක් සහ හතරේ පහර 04ක් ද ඇතුළත්.

මේ වනවිට ඇෆ්ගනිස්තානය කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 189ක් ලබා සිටින්නේ 40 වැනි පන්දුවාරය ආසන්නයේ සිටිමින්.

සද්‍රාන්ට පෙර ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින ශතක හයක් ගත් ක්‍රීඩකයා වූයේ Mohammad Shahzad විසින්.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම එක්දින ශතකලාභියා වන්නේ රහ්මනුල්ලා ගුර්බාස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?