ඉෂාරාගේ මව සහ සොහොයුරු මාර්තු 07 තෙක් රිමාන්ඩ්

පාතාල කල්ලි සාමාජිකයකුවූ ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අදාළ ගිනි අවිය අධිකරණය තුළට රැගෙන ආ බව කියන මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති දෙවන සැකකාරියගේ මව හා බාල සොහොයුරා මාර්තු මස 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන මහතා අද (26) නියෝග කළා.

අදාළ සැකකාරිය හා සැකකරුවා කොළඹ අපරාධ කොට්ඨාසයේ පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කර අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර තොරතුරු ලබාගත් බවත් එහි ප්‍රගති වාර්තාවක් ඉදිරි නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බැවින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය හා සැකකරුවා ලබන මස 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම වුණා.

ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයෙන් පසුව මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ මව වන 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති නැමැත්තිය හා සැකකාර සෙව්වන්දි නැමැත්තියගේ බාල සොහොයුරෙකු වන මීගමුව කටුවා ඇල්ලේගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පින්පුර දේවගේ චාමික තිවංක වීරසිංහ නමැති දෙදෙනෙකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

අදාළ සැකකාරිය හා සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (25) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී තිබුණා.

ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කරන බව දැන සිටියදීත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කර එම සිද්ධියට අනුබලදීමේ චෝදනාව යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඉකුත් 24 දා එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය අධිකරණයට හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේ දෙවන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව හා බාල සොහොයුරා මාර්තු මස 7 දින දක්වා එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15