ඉෂාරාගේ මව සහ සොහොයුරු මාර්තු 07 තෙක් රිමාන්ඩ්

පාතාල කල්ලි සාමාජිකයකුවූ ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අදාළ ගිනි අවිය අධිකරණය තුළට රැගෙන ආ බව කියන මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති දෙවන සැකකාරියගේ මව හා බාල සොහොයුරා මාර්තු මස 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන මහතා අද (26) නියෝග කළා.

අදාළ සැකකාරිය හා සැකකරුවා කොළඹ අපරාධ කොට්ඨාසයේ පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කර අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර තොරතුරු ලබාගත් බවත් එහි ප්‍රගති වාර්තාවක් ඉදිරි නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බැවින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය හා සැකකරුවා ලබන මස 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම වුණා.

ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයෙන් පසුව මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ මව වන 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති නැමැත්තිය හා සැකකාර සෙව්වන්දි නැමැත්තියගේ බාල සොහොයුරෙකු වන මීගමුව කටුවා ඇල්ලේගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පින්පුර දේවගේ චාමික තිවංක වීරසිංහ නමැති දෙදෙනෙකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

අදාළ සැකකාරිය හා සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (25) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී තිබුණා.

ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කරන බව දැන සිටියදීත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කර එම සිද්ධියට අනුබලදීමේ චෝදනාව යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඉකුත් 24 දා එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය අධිකරණයට හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේ දෙවන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව හා බාල සොහොයුරා මාර්තු මස 7 දින දක්වා එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?