අද (01) සවස 6.30ට පමණ කුලියාපිටිය, කනදුල්ල ප්රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා. එම අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඔහු කුලියාපිටිය කනදුල්ල ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම අනතුරින් පසු අවට සිටි පිරිස ඩිෆෙන්ඩර් රථය පොලීසියට රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඊට පහරදී ගිනි තබා ඇති බව අප වාර්තාකරු පැවසීය.
සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් ජීප් රථය පැදවූ සැකකරු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අය අතර 14 හැවිරිදි බාලවයස්කරුවෙක් වෙනවා
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
24




