ඉල් පොහොය අදයි – දසත ‘බෝපත’ පෝදා වැඩසටහන ආණමඩුව මහමෙව්නා අසපුවට

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබෙනවා.

මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම,‍ ප්‍රථම ධර්ම දූත මෙහෙවර ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් ඉල් පසළොස්වක පොහොය දිනයේ සිදුවී ඇති බව සඳහන්.

දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාව රෝහණය සහ බුදුරජාණන් වහන්සේ අගසව් සැරියුත් මහා රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ පිරිනිවන් පෑමද සිදුව ඇත්තේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනකයි.

මේ අතර මෙම පොහෝ දිනයට සමගාමීව කඨින චීවර පූජාව අවසන් වන අතර, වස්විසූ භික්ෂූන් වහන්සේ වස්පාවාරණය කිරීම ද සිදුකරනු ලබනවා.

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත් සංවිධානය කර තිබෙනවා.

මේ අතර දසත මාධ්‍ය ජාලයේ “බෝපත” පෝදා සජීවී විකාශය මෙවර ආණමඩුව මහමෙව්නා අසපුවේ සිට අද දවස පුරා ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?