අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ක්‍රියාත්මක කරන දිවයින පුරා වැඩ වර්ජනය මේ වනවිට (29) ක්‍රියාත්මක කර තිබෙනවා.
ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි තැපැල් වර්ජකයින් සඳහන් කළේ.
ඒ අනුව සිය සංගමයේ සියලුම සාමාජිකයින් අතිකාල සේවාවලින් ඉවත් වී ඇති බව සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය පැවසුවා.
සිය අතිකාල දීමනා ගැටලුවට විසඳුම් ලබාදෙන තෙක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව එම සංගමය අවධාරණය කරනවා.
මේ අතර, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් වූ සංදේශයක් අද (29) දිනයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පැවසුවා.
තැපැල් මූලස්ථානය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැත්වෙන උද්ඝෝෂණයෙන් අනතුරුව එම සංදේශය භාරදීම සඳහා පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යාමට කටයුතු කරන බවයි එම සංගමය සඳහන් කළේ.
ඉල්ලීම් 15ක් මුල් කරගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය විසින් දිවයින පුරා ඊයේ පස්වරුවේ සිට දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.





