ඉල්ලීම් 15ක් මුල් කරගනිමින් තැපැල් වෘත්තිකයින් දෙදින සංකේත වැඩ වර්ජනය අරඹති

අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ක්‍රියාත්මක කරන දිවයින පුරා වැඩ වර්ජනය මේ වනවිට (29) ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි තැපැල් වර්ජකයින් සඳහන් කළේ.

ඒ අනුව සිය සංගමයේ සියලුම සාමාජිකයින් අතිකාල සේවාවලින් ඉවත් වී ඇති බව සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය පැවසුවා.

සිය අතිකාල දීමනා ගැටලුවට විසඳුම් ලබාදෙන තෙක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව එම සංගමය අවධාරණය කරනවා.

මේ අතර, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් වූ සංදේශයක් අද (29) දිනයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පැවසුවා.

තැපැල් මූලස්ථානය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැත්වෙන උද්ඝෝෂණයෙන් අනතුරුව එම සංදේශය භාරදීම සඳහා පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යාමට කටයුතු කරන බවයි එම සංගමය සඳහන් කළේ.

ඉල්ලීම් 15ක් මුල් කරගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය විසින් දිවයින පුරා ඊයේ පස්වරුවේ සිට දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56