ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර රුසියාව දැඩි ලෙස හෙළා දකියි

රුසියාව ඇමරිකානු ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසනවා.

රුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද එක්සත් ජනපද ගුවන් ප්‍රහාර රුසියාව දැඩි ලෙස හෙළා දකින බවයි.

ස්වෛරී රාජ්‍යයක භූමි ප්‍රදේශයට මිසයිල සහ බෝම්බ ප්‍රහාරවලට යටත් කිරීමට ගත් වගකීම් විරහිත තීරණය, එය ඉදිරිපත් කළ හැකි තර්ක කුමක් වුවත්, ජාත්‍යන්තර නීතිය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා බරපතල ලෙස උල්ලංඝනය කරන බවයි නිවේදනයක් නිකුත් රුසියානු විදේශ අමාත්‍යාංශය අද සඳහන් කළේ.

ආක්‍රමණශීලීත්වය අවසන් කරන ලෙසත්, තත්වය දේශපාලනික හා රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයකට නැවත ගෙන ඒම සඳහා කොන්දේසි නිර්මානය කිරීමට වැඩි උත්සාහයක් ගන්නා ලෙසත් ඉල්ලා සිටින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ අතර හෙට දිනයේ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් හමුවීමට ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරක්චි තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඔහු අද (22) දිනයේ දී මොස්කව් වෙත යන බවයි තුර්කියේ ඉස්තාන්බුල්හි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර මැදපෙරදිග යුද්ධය “සුව කළ නොහැකි අගාධයක් බවට පත්වීමට පෙර” එය නතර කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව 14 වන ලියෝ පාප් වහන්සේ අද (22) ප්‍රකාශ කළා.

ශාන්ත පීටර් චතුරශ්‍රයේ සිට පැවති සාම්ප්‍රදායික ඉරිදා දේව මෙහෙය අතරතුර, පාප්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
3
+1
7
+1
1
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාර යටින් මතුවූ පතල..එක පතලක් පටන් ගන්නේ කඩ කාමරයකින්
03:45
Video thumbnail
විදේශගතව සැඟවී සිටින රතු නිවේදන ලැබූ සැකකරුවන් 88ක් ශ්‍රී ලංකාවට ගේනවා
04:35
Video thumbnail
ලස්සන ජීවිතය අපි ජනතාවට දෙනවා..ජනතාව කවදාවත් පරාද නෑ..හරි සතුටින් ඉන්නේ පේනවනේ
02:09
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00