ඉරාන ද්විත්ව පුරවැසියෙකු එල්ලා මරා දමයි

බ්‍රිතාන්‍ය ඉරාන ද්විත්ව පුරවැසියෙකු වන අලිරේසා අක්බාරි ඉරානයේදී මරණීය දණ්ඩනයට ලක්ව තිබෙනවා.

හිටපු නියෝජ්‍ය ඉරාන ආරක්ෂක අමාත්‍යවරක් වන අලිරේසා අක්බාරි 2019 වසරේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ එක්සත් රාජධානිය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා මතයි.

කෙසේවෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් පැවසුවේ මෙම මරණ දණ්ඩනය ම්ලේච්ඡ පාලනයක් විසින් සිදු කරන ලද අශික්ෂිත සහ බියගුලු ක්‍රියාවක් බවයි.

ඉරානයේ පාලකයන් ඔවුන්ගේම ජනතාවගේ මානව හිමිකම්වලට ගරු නොකරන බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක වූ දිනය පිළිබඳ සඳහන් නොකර Alireza Akbari එල්ලා මරා දැමූ බව ඉරාන අධිකරණයේ නිල ප්‍රවෘත්ති මාධ්‍ය අද වාර්තා කළා.

බීබීසී ආයතනය පසුගියදා අක්බාරිගේ හඬ පටයක් විකාශය කළ අතර, එමගින් ඔහු හෙළිකර ඇත්තේ තමාට වධ හිංසා පමුණුවා ඇති බවත්, තමා නොකළ අපරාධ ගැන කැමරාවක් ඉදිරියේ පාපොච්චාරණය කිරීමට බල කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?