ඉරාන ජනාධිපති මැසූඩ් පසෙෂකියන් දැඩි බටහිර සම්බාධක මධ්‍යයේ සබඳතා වර්ධනය කර ගැනීමේ ප්රයත්නයක් ලෙස සිය පළමු විදෙස් සංචාරය සඳහා ඉරාකයට පැමිණ තිබෙනවා.
සාපේක්ෂ මධ්‍යස්ථ මතධාරියෙකු වන මැසූඩ් පසෙෂකියන් අද (11) ඉරාක අගමැති ෂියා අල්-සුඩානි හමුවෙමින් සිය තෙදින සංචාරය ආරම්භ කර තිබුණා.
සංචාරය අතරතුර, ජනාධිපතිවරයා සහ ඔහුගේ දූත පිරිස ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිත අතර ගාසා යුද්ධය සහ මැද පෙරදිග තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ ඉරාක සගයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන ජනාධිපතිවරයා 2020 දී බැග්ඩෑඩ්හි දී එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මියගිය ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) කොටසක් වන ඉරානයේ ප්‍රභූ කුඩ්ස් බලකායේ හිටපු ප්‍රධානියා වන කසෙම් සොලෙයිමානිගේ ස්මාරකයක් නැරඹීමට ද ගොස් තිබුණා.