ඉරාන ජනපති සමාව අයදියි

කොන්දේසි විරහිතව යටත්වීම සඳහා එක්සත් ජනපදය කළ ඉල්ලීම සිහිනයක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කරනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයෙන් කොන්දේසි විරහිතව යටත් වන ලෙස ඉල්ලා සිටීමෙන් අනතුරුව ඔහු මෙම ප්‍රකාශ සිදුකළේ ඉරාන රාජ්‍ය රූපවාහිනියේ අද පෙරවරුවේ විකාශනය වූ කතාවකදීයි.

මෙහිදී ඉරාන ජනාධිපතිවරයා අසල්වැසි රාජ්‍යයන්ට පහරදීමට සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටීම ද විශේෂත්වයක්.

කලාපීය රටවලට ඉරානය එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් සමාව අයැද සිටි ඔහු එම ප්‍රහාර වැරදි සන්නිවේදනයන් නිසා සිදු වූ බවයි ඔහු මෙහිදී සදහන් කළේ.

ටෙහෙරානයට පළමුව පහර දෙන්නේ නම් මිස පහරදීමක් සිදුනොකරන බවයි ඔහු මෙහිදී අවධාරණය කළේ.

“ඉරානය විසින් පහර දුන් අසල්වැසි රටවලට ඉරානය වෙනුවෙන් මම සමාව අයැදිය යුතුයි. අසල්වැසි රටවලට තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බවට සහ ඉරානයට ප්‍රහාරයක් එම රටවලින් ආරම්භ නොවන්නේ නම් මිසයිල ප්‍රහාර එල්ල නොකරන බවට අන්තර්කාලීන නායකත්ව මණ්ඩලය ඊයේ එකඟ වුණා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
3
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44