ඉරාන උත්තරීතර නායකයා ඝාතනය චීනය දැඩිව හෙළාදකී

ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළාදැක තිබෙනවා.

මෙම ඝාතනය පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණා.

ඇමරිකාව හා ඊශ්‍රායලය ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම ඉරානයේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව චීනය එහිදී පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම එවන් ඝාතනයක්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි මූලික රීති උල්ලංඝනය කිරීමක් බවයි චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !