ඇමරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාම සාකච්ඡා කිසිඳු එකඟතාවයකින් තොරව අවසන් වූ බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසනවා.
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැය 12කට අධික කාලයක් දෙපාර්ශ්වය අතර පැවති සාම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකානු උප ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ඇමරිකා එක්සත් ජනපදය මෙම සාකච්ඡාවලට නම්‍යශීලී සහ හොඳ විශ්වාසයකින් පැමිණි බව වැන්ස් තවදුරටත් පවසා සිටියා.
නමුත් දෙපාර්ශ්වයටම එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම අවාසනාවන්ත කාරණයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බව සඳහන් කළ උප ජනාධිපති වැන්ස් පවසන්නේ “අපි දැන් පැය 21 ක් තිස්සේ එහි සිටියා නමුත්, නරක ආරංචිය නම් අපි එකඟතාවයකට පැමිණ නැති බවයි”.
ඒ, අනුව ඔහු පවසන්නේ එක්සත් ජනපදය දැන් පාකිස්ථානයෙන් පිටව යාමට සැලසුම් කරන බවයි.
මේ අතර මෙම සාම සාකච්ඡා වෙනුවෙන් පාකිස්ථානය දැක්වූ මැදිහත්වීමට ඔහු ඔහු පාකිස්ථාන අගමැති සහ ෆීල්ඩ් මාර්ෂල් මුනීර් වෙත තම කෘතඥතාව පළ කර සිටියා.













