මැදපෙරදිග තීව්‍ර වන ගැටුම්කාරී යුද වාතාවරණය හේතුවෙන් ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය එම ස්ථානයෙන් පිටතට ගෙන යාමට කටයුතු කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ තාවකාලිකව ටෙහෙරාන් නුවර පිහිටි එම ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය, එහි නිලධාරීන් සමග වෙනත් ස්ථානයකට ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.
කෙසේවෙතත් කලින් ලබා දුන් දූරකථන අංක හරහා සියලු සම්බන්ධතා ලබාගත හැකි බව ද විදේශ අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





