ඉරානයේ තෙල්වලට සිලෝන් ටීවලින් ගෙවන්න ලංකාව සැරසෙයි

තෙල් සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 250 වෙනුවට ශ්‍රී ලංකාව ලබන මාසයේ දී ඉරානය සමඟ තේ හුවමාරු කිරීම ආරම්භ කිරීමට සූදානම් බව රොයිටර් සේවය වාර්තා කරනවා.

2021 දෙසැම්බරයේදී, ඉරානයේ වෙළඳ ප්‍රවර්ධන සංවිධානයේ ප්‍රධානී ඇලිරේසා පේමන්-පාක්,මෙරට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ සමඟ අත්සන් කළ ගිවිසුම අනුව, ඩොලර් මිලියන 251ක ණය පියවීම සඳහා මාසිකව ඩොලර් මිලියන 5ක තේ තොග හුවමාරුවක් සිදුවන බවයි එම පුවත් සේවය වැඩිදුරටත් කරණු වාර්තා කරන්නේ.

“මෙය අපට ඉතා කාලෝචිත වන්නේ අපට වැදගත් වෙළඳපලකට ප්‍රවේශය ලැබෙන නිසාත්, ඉරානයට සහ ශ්‍රී ලංකාවට ඩොලර් මත යැපීමෙන් තොරව වෙළඳාම් කළ හැකි නිසාත්” යනුවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් රොයිටර් පුවත් සේවයට සඳහන් කර තිබෙනවා.

“ගිවිසුම වූයේ මාස 48කට සෑම මසකම ඩොලර් මිලියන 05ක් වටිනා තේ යැවිය යුතුයි, නමුත් අපි මසකට ඩොලර් මිලියන 2කින් පමණ ආරම්භ කිරීමට සැලසුම් කරනවා.” යනුවෙනුයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එක්සත් ජනපදය විසින් ඉරානයට පනවා ඇති සම්බාධකවලින් පසු මිලදී ගැනීම් අඩු වී ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ඉරානය ලංකා තේ ආනයනය කරන හොඳම තේ ගැණුම්කරුවන් දසදෙනා අතර පසුවනවා.

සම්බාධක මධ්‍යයේ වුවද භාණ්ඩ හුවමාරු ගනුදෙනු වැඩි කිරීමට ඉරානය උත්සාහ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29