AFC Banner
Empty Ad
Empty Ad

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල ප්‍රහාර

ඉරානය ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (01) රාත්‍රී 7ට පමණ මෙම ප්‍රහාරය ඉරානයෙන් පළමු වතාවට එල්ල වී ඇති බවයි අල් – ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

ඉරාන ආරක්ෂක අංශ විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන හමුදා සහ ආරක්ෂක වළල්ල ඉලක්ක කරගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.

ඊශ්‍රායලය – පලස්තීනය සහ ලෙබනනය අතර නොනවතින යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙසයි ලෙබනනයට සහාය දක්වමින් ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

ඊශ්‍රායල ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් දැනුම්දී ඇත්තේ වහාම තමන් ඉරානයෙන් පළි ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ගාසා තීරයට සහ ලෙබනනයට එල්ල වූ මාරාන්තික ප්‍රහාරවලට මෙන්ම හමාස්, හිස්බුල්ලා සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) නායකයින් මෑතක දී මරා දැමීම්වලට ප්‍රතිචාර වශයෙන් මෙම මාරාන්තික ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා.

පළිගැනීම්වලට එරෙහිව IRGC ඊශ්‍රායලය ද ඉරානයට අනතුරු අඟවා ඇති අතර, එය “තැළෙන” පහරකට මුහුණ දෙනු ඇතැයි සඳහන්.

ලෙබනනය හරහා ඊශ්‍රායල ප්‍රහාර දිගටම පවතින බැවින්, ලෙබනනයේ අගනුවර වන බීරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලින් ප්‍රජාව තවත් ඉවත් කිරීමට ඊශ්‍රායල හමුදාව නියෝග කර තිබෙනවා.

ගාසා තීරයේ, ඔක්තෝම්බර් මාසයේ සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 41,638 ක් මිය ගොස් 96,460 ක් තුවාල ලබා ඇති බවත් සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

ඔක්තෝබර් 7 වන දින හමාස් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 1,139 ක් මියගිය අතර 200කට වැඩි පිරිසක් වහල්භාවයට පත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබත් දරුවෝ ඉස්සරහා රණ්ඩු වෙනවාද..?
03:37
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. J.C අලවතුවල සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:33:51
Video thumbnail
මිනිස්සු මාව එපා කියන්නේ නෑ - ෆේස්බුක් බැලුවම ඒක පේනවනේ
04:49
Video thumbnail
සජිත් ජනාධිපති වුණාම බාර් ලයිසන් දෙන්නම් - මෙන්න හෙළිදරව්ව
06:06
Video thumbnail
ඉස්සර කියපු බොරු කතා සහ මල්පාරේ හොරෙන් ගහන ගේම් එළියට
09:02
Video thumbnail
සජිත් කියන්නේ තාත්තා වගේම මිනිහෙක් - සජබේ මන්ත්‍රී කියන කතාව
04:07
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20

?