ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල ප්‍රහාර

ඉරානය ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (01) රාත්‍රී 7ට පමණ මෙම ප්‍රහාරය ඉරානයෙන් පළමු වතාවට එල්ල වී ඇති බවයි අල් – ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

ඉරාන ආරක්ෂක අංශ විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන හමුදා සහ ආරක්ෂක වළල්ල ඉලක්ක කරගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.

ඊශ්‍රායලය – පලස්තීනය සහ ලෙබනනය අතර නොනවතින යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙසයි ලෙබනනයට සහාය දක්වමින් ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

ඊශ්‍රායල ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් දැනුම්දී ඇත්තේ වහාම තමන් ඉරානයෙන් පළි ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ගාසා තීරයට සහ ලෙබනනයට එල්ල වූ මාරාන්තික ප්‍රහාරවලට මෙන්ම හමාස්, හිස්බුල්ලා සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) නායකයින් මෑතක දී මරා දැමීම්වලට ප්‍රතිචාර වශයෙන් මෙම මාරාන්තික ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා.

පළිගැනීම්වලට එරෙහිව IRGC ඊශ්‍රායලය ද ඉරානයට අනතුරු අඟවා ඇති අතර, එය “තැළෙන” පහරකට මුහුණ දෙනු ඇතැයි සඳහන්.

ලෙබනනය හරහා ඊශ්‍රායල ප්‍රහාර දිගටම පවතින බැවින්, ලෙබනනයේ අගනුවර වන බීරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලින් ප්‍රජාව තවත් ඉවත් කිරීමට ඊශ්‍රායල හමුදාව නියෝග කර තිබෙනවා.

ගාසා තීරයේ, ඔක්තෝම්බර් මාසයේ සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 41,638 ක් මිය ගොස් 96,460 ක් තුවාල ලබා ඇති බවත් සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

ඔක්තෝබර් 7 වන දින හමාස් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 1,139 ක් මියගිය අතර 200කට වැඩි පිරිසක් වහල්භාවයට පත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03