ඉරානයෙන් ඊශ්‍රායලයටත් ඊශ්‍රායලයෙන් ඉරානයටත් මිසයිල වැසි – ඇමරිකානුවන්ටත් අනතුරු ඇඟවීමක්

ඉරානය සහ ඊශ්‍රායලය ඊයේ රාත්‍රියේ සිට මිසයිල ප්‍රහාර එල්ල කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා බටහිර ඉරානයේ හමුදා ඉලක්ක වෙත අද උදෑසන පහර දුන් බවයි.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ තම ප්‍රහාරක ජෙට් යානා ඉරානයේ කර්මන්ෂා පළාතේ හමුදා යටිතල පහසුකම්වලට පහර දුන් බවයි.

මීට පෙර, ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, එහිදී බොහෝ දෙනෙකුට තුවාල සිදුව ටෙල් අවිව් හි ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මේ අතර ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ලොව පුරා ප්‍රධාන නගර රැසක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හෙළා දකිමින් විරෝධතා පවත් වනවා.

විදෙස් වර්තා සඳහන් කළේ ඇමරිකානු ධවල මන්දිරය ඉදිරිපිට මෙන්ම ප්‍රංශය, පාකිස්තානය, ග්‍රීසිය, පිලිපීනය, ජපානය වැනි රටවල ප්‍රධාන නගර රැසක මෙම විරෝධතා පැවති බවයි.

මේ අතර පවතින ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන ඇමරිකානුවන්ගේ ආරක්ෂාව දැඩි අවදානමකට ලක්විය හැකි බවට; එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?