ඉරානයෙන් ඊශ්‍රායලයටත් ඊශ්‍රායලයෙන් ඉරානයටත් මිසයිල වැසි – ඇමරිකානුවන්ටත් අනතුරු ඇඟවීමක්

ඉරානය සහ ඊශ්‍රායලය ඊයේ රාත්‍රියේ සිට මිසයිල ප්‍රහාර එල්ල කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා බටහිර ඉරානයේ හමුදා ඉලක්ක වෙත අද උදෑසන පහර දුන් බවයි.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ තම ප්‍රහාරක ජෙට් යානා ඉරානයේ කර්මන්ෂා පළාතේ හමුදා යටිතල පහසුකම්වලට පහර දුන් බවයි.

මීට පෙර, ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, එහිදී බොහෝ දෙනෙකුට තුවාල සිදුව ටෙල් අවිව් හි ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මේ අතර ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ලොව පුරා ප්‍රධාන නගර රැසක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හෙළා දකිමින් විරෝධතා පවත් වනවා.

විදෙස් වර්තා සඳහන් කළේ ඇමරිකානු ධවල මන්දිරය ඉදිරිපිට මෙන්ම ප්‍රංශය, පාකිස්තානය, ග්‍රීසිය, පිලිපීනය, ජපානය වැනි රටවල ප්‍රධාන නගර රැසක මෙම විරෝධතා පැවති බවයි.

මේ අතර පවතින ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන ඇමරිකානුවන්ගේ ආරක්ෂාව දැඩි අවදානමකට ලක්විය හැකි බවට; එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14