පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කිසිඳු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට එරට විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය තීරණය කර තිබෙනවා.
ඉම්රාන් ඛාන් විසින් සිදුකරනු ලබන ප්‍රකාශයන් ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන බව පවසමිනුයි එම ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ.
ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශයන් කිසියම් මාධ්‍ය ආයතනයක් විසින් විකාශය කළහොත් එම මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අවලංගු කිරීමටත් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර පසුගිය දා පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




