ඉඳුරුව, අතුරුවැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක පුද්ගලයෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටිය දී සොයාගෙන තිබෙනවා.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ එම හෝටලයේ සූපවේදියෙක් ලෙස කටයුතු කළ 21 හැවිරිදි පුද්ගලයෙක්.
අද (06) අලුයම් කාලයේ මෙම පුද්ගලයා මෙලෙස ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
මෙලෙස සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනවරණය වී නැති අතර, මෘත ශරීරය මේ වනවිට බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
7
+1
2
+1



