ඉන්ධන හිඟය ගැන බලශක්ති ඇමතිගෙන් දැනුම්දීමක්

හෙට (04) දිනය වන විට සියලුම ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් ඉන්ධන තොග පවතිනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් බවුසර් මගින් ඉන්ධන බෙදාහැරීම මේ වනවිට අඛණ්ඩව සිදුකරන බවයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ පසුගිය දින පහ තුළ ඉන්ධන පිරවුම්හල් 121ක් මැයි 27 සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඇනවුමක් සිදු කර නොමැති බවයි.

පසුගිය සතියේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇණවුම් කරන ලද සහ පවත්වාගෙන ගිය තොග පිළිබඳ දත්ත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සමාලෝචනය කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

අමාත්‍ය විජේසේකර කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රය අනුව මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඔවුන් ඇණවුම් ලබාදී නොමැති බවයි.

තවත් බොහෝ ඉන්ධන පිරවුම්හල් අවම තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇණවුම් ලබා දී නොමැති බව මූලික වාර්තාවලින් හඳුනාගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල කොන්ත්‍රාත්තු මත අවම තොග පවත්වා ගත යුතු වුවද එම කොන්දේසි කඩකර ඇති බව පෙනී යන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව කොන්ත්‍රාත්තුවේ කොන්දේසි කඩකළ පිරවුම්හල් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කරන බවට අමාත්‍ය කාංචන විජේසේකර අවධාරණය කර ඇත්තේ.

ඇණවුම් ලබා නොදීම හේතුවෙන් පිරවුම්හල් කිහිපයක ඉන්ධන අවසන් වීමත්, දිගු පෝලිම් යළි මතුවීමත් දක්නට ලැබුණා.

සති අන්තයේ දීප ව්‍යාප්තව ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන අතර හෙට වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග සියලුම පිරවුම්හල්වලට ලැබෙනු ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

Kanchana Twitter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?