ඉන්ධන හිඟය ගැන බලශක්ති ඇමතිගෙන් දැනුම්දීමක්

හෙට (04) දිනය වන විට සියලුම ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් ඉන්ධන තොග පවතිනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් බවුසර් මගින් ඉන්ධන බෙදාහැරීම මේ වනවිට අඛණ්ඩව සිදුකරන බවයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ පසුගිය දින පහ තුළ ඉන්ධන පිරවුම්හල් 121ක් මැයි 27 සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඇනවුමක් සිදු කර නොමැති බවයි.

පසුගිය සතියේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇණවුම් කරන ලද සහ පවත්වාගෙන ගිය තොග පිළිබඳ දත්ත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සමාලෝචනය කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

අමාත්‍ය විජේසේකර කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රය අනුව මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඔවුන් ඇණවුම් ලබාදී නොමැති බවයි.

තවත් බොහෝ ඉන්ධන පිරවුම්හල් අවම තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇණවුම් ලබා දී නොමැති බව මූලික වාර්තාවලින් හඳුනාගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල කොන්ත්‍රාත්තු මත අවම තොග පවත්වා ගත යුතු වුවද එම කොන්දේසි කඩකර ඇති බව පෙනී යන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව කොන්ත්‍රාත්තුවේ කොන්දේසි කඩකළ පිරවුම්හල් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කරන බවට අමාත්‍ය කාංචන විජේසේකර අවධාරණය කර ඇත්තේ.

ඇණවුම් ලබා නොදීම හේතුවෙන් පිරවුම්හල් කිහිපයක ඉන්ධන අවසන් වීමත්, දිගු පෝලිම් යළි මතුවීමත් දක්නට ලැබුණා.

සති අන්තයේ දීප ව්‍යාප්තව ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන අතර හෙට වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග සියලුම පිරවුම්හල්වලට ලැබෙනු ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

Kanchana Twitter


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00