ඉන්ධන සහ ගෑස් ඉල්ලා ගොඩගමින් හයිලෙවල් මාර්ගය වසයි

ඉන්ධන සහ ගෑස් ඉල්ලා සිදුකරන විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය හෝමාගම, ගොඩගම ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

මේ අතර ඉන්ධන ලබාදෙන ලෙස බලකරමින් තවත් ප්‍රදේශ කිහිපයක මාර්ග අවහිර කරමින් පුද්ගයින් අද (18) පෙරවරුවේ විරෝධතාවල නිරත වුණා.

මේ අතර බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (18) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ

අද (18) සහ හෙට (19) යන දෙදින තුළ පෙට්‍රල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.

එමෙන්ම මේ වනවිට සක්‍රීයව පවතින ඉන්ධන පිරවුම්හල් 1190 සඳහා අද (18) පස්වරුව වනවිට ඔටෝ ඩීසල් සහ සුපර් ඩිසල් නිකුත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?