ඉන්ධන මිල ඉහළ දැමීමට ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට රජය කටයුතු කළ ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ, අනුව පවතින ගාස්තු ඒ අයුරින් පවත්වාගෙන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ.
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 22කින් ද ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා.
ඊට අමතරව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1



