ඉන්ධන ප‍්‍රශ්ණයට පාසැල් දරුවෙකුගෙන් විසදුමක්.

කිලිනොච්චිය මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් ඉන්ධන නොමැතිව සූර්ය කෝෂ පැනල මගින් ධාවනය කල හැකි ත්‍රී රෝද රථයක් නිර්මානය කොට ඇත.

මධ්‍යම මහා විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් ප්‍රණවන් සිසුවා විසින් නිර්මාණය කොට ඇති මෙම ත්‍රී රෝද රථය මේ වන විට සාර්ථකව ධාවනය කිරීමට හැකියාව ලැබී ඇතැයි සිසුවා පවසයි.

පැයට කිලෝමීටර් 50 ක උපරිම වේගයකින් ධාවනය කල හැකි මෙම සූර්ය කෝෂ පැනල් භාවිත ත්‍රී රෝද රථය නිර්මාණය කිරීමට මාස 06 ක පමණ කාලයක් ගත වූ බවට සුන්දරලිංගම් සිසුවා පවසා සිටියේය. ඒ පිළිබඳව අදහස් දක්වමින් සිසුවා පවසා සිටියේ,

‘‘ කොරෝණා වෛරසය නිසා අපට පාසල් යන්න විදහක් නැහැ අන්තර්ජාලය ඔස්සේ ඉගෙනගත්තත් දවසේ වැඩි හරියක් නිවසට වී සීටීම කම්මැලි වුනා කොරෝණා අවධානම නිසා මිතුරන් සමග සෙල්ලම් කරන්නත් විදිහක් නැහැ. ඒ නිසා මම මගේ සීයත් සමග දවසේ වැඩි කාලයක් ගත කලා එයා හොඳ කාර්මිකයෙක් මේ නිසා මම සීයට මේ සූර්ය පැනල් යොදා සාදන ත්‍රී රෝද රථ නිර්මාණය කිව්වාහම මට සහය දුන්නා.

ඉතින් මම සීයාගේත් උදව් ඇතිව පසුගිය මාස 06 ක කාලය පුරා මේ සූර්ය කොෂ පැනල් භාවිතයෙන් ධාවනය වන ත්‍රී රෝද රථය හැදුවා මට ගොඩක් සතුටුයි මගේ නිර්මානය සාර්ථක වීම ගැන. රටේ ඉන්ධන ගැටලුවටත් මේක හොඳ විසඳුමක් වෙයි. යනුවෙනි.

ඉන්ධන ප‍්‍රශ්ණයට පාසැල් දරුවෙකුගෙන් විසදුමක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?