AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පෝළිමේ සිටියදි තවත් අයෙකු ජීවිතක්ශයට

අතුරුගිරිය නගරයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි 85 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

පසුගිය 26 වනදා සිද්ධිය වාර්ථා වී තිබේ

මෙලෙස මියගොස් ඇත්තේ අතුරුගිරිය, පෝරේ, ගල්පොත්ත පාරේ පදිංචි එම්. ජිනදාස පෙරේරා නමැති පුද්ගලයකි.

වෑන් රථයකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි අදාළ පුද්ගලයා ඉන්ධන පෝලිමේ තෙවෙනියට සිටියදී රෝගාතුරවී අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිට ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි. 

මියගිය පුද්ගලයා හෘද රෝගයකින් පෙළන්නෙකු බව පොලීසිය සඳහන් කළේය.සිද්ධිය වන අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලේහි කිසිදු තදබදයක්ද තිබී නොමැති බවද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?