වැල්ලවාය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක උනුසුම් තත්වයක් හටගෙන තිබේ.පොලීසිය පැවසුවේ ඉන්ධන නිකුත්කරමින් සිටිය දී ඉන්ධන අවසන් වී ඇති අතර එය දැනුම්දීමත් සමග පිරිසක් එයට විරෝධය දක්වා ඇති බවය.
ඉන්පසු ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිස කලහකාරීව හැසිරෙමින් ඉන්ධන හලට ගල් සහ බෝතල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.එහිදී පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇති අතර, ඉන්ධන හලේ නාම පුවරුවට ද අලාභ හානි සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 13 දෙනෙක් හා යතුරුපැදි 20ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.සැකකරුවන් අවුරුදු 18ත් 45ත් අතර පස්සර, ඇතිලිවැය, වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.පොලීසිය සඳහන් කලේ ඔවුන් අද (06) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.














