ඉන්ධන ලබාදෙන දිනයක් පිළිබඳව දැනගැනීම සඳහා ඉන්ධන පිරවුම්හලකට යතුරුපැදියකින් පැමිණි මවක් සහ දියණියක් ඉන්ධන පිරවුම්හල අසල දී ටිපර් රථයක ගැටී අනතුරකට ලක්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසනවා.
මෙම අනතුරින් දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර මව බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඊයේ (30) සිදු වූ මෙම අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 28ක තරුණියක් බවයි වාර්තා වුණේ.
ඇයගේ මව මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




