spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පිරවුම්හලක් අසල මාරක අනතුරකට මුහුණ දුන් මව සහ දියණිය

ඉන්ධන ලබාදෙන දිනයක් පිළිබඳව දැනගැනීම සඳහා ඉන්ධන පිරවුම්හලකට යතුරුපැදියකින් පැමිණි මවක් සහ දියණියක් ඉන්ධන පිරවුම්හල අසල දී ටිපර් රථයක ගැටී අනතුරකට ලක්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසනවා.

මෙම අනතුරින් දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර මව බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඊයේ (30) සිදු වූ මෙම අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 28ක තරුණියක් බවයි වාර්තා වුණේ.

ඇයගේ මව මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?