ඉන්ධන ප්‍රවාහනයේදී අද සිට නව රෙගුලාසි මාලාවක්

ඉන්ධන ප්‍රවාහනයේදී නව රෙගුලාසි මාලාවක් අද සිට පණවා ඇති බව බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා සදහන් කරනවා.

ඔහු කියා සිටියේ ග්‍රාමීය ඩිපෝ සඳහා දුම්රියෙන් ගෙන යන ඉන්ධන ධාරිතාවය සියයට 40 සිට සියයයට 100 දක්වා ඉහළ නැංවෙන බවයි.

එසේම නව බලපත්‍ර ලබාදීම සඳහා ගතවන කාලය මාසයේ සිට සතියක් දක්වා අඩු කිරීම සහ ඉන්ධනහල් හිමියන්ට අයත් බවුසර සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී වෙනම පෝලිමක් පවත්වාගෙන යාමත් නව රෙගුලාසි අතරට අයත්.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඉදිරි දින 02 තුළදි සේවා සඳහා වාර්තා නොකරන ප්‍රවාහකයන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව සහ , සේවයට වාර්තා කරන පුද්ගලයන්ට රාජකාරියට පැමිණිම සඳහා බාධා කරන තැනැත්තන්ගේ බලපත්‍ර අහෝසි කර නීතිමය පියවර ගැනීමත් නව රෙගුලාසි අතර වන බවයි බලශක්ති අමාත්‍යවරයා කියාසිටියේ.

එසේම දෛනික මෙහෙයුම්වල නිරත වන රජයට අයත් බවුසර සංඛ්‍යාව වැඩි කිරීමත් අවශ්‍යතාවය සපුරාලීම සඳහා බෙදාහැරීම් පර්යන්තවල කටයුතු පැය 24 පුරා වුවද පවත්වාගෙන යාමත් මේ අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?