ඉන්ධන නැතිව විරෝධතා.. පොලිසිය සමග උණුසුම් තත්ත්වයක්

හැටන් අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලෙන් පෙට්‍රල් ඉන්ධන ලබාගැනිමට පොලිම් වල රැදි සිටි පිරිසකට ඉන්ධන ලබාගැනිමට නොහැකි විමත් සමග එම පිරිස හැටන් නගරයේ පැති විදිය සම්පුර්ණයෙන්ම (11) දින වසා දමමින් විරෝධතාවය නියැලුණි.

අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලට එම සමාගම විසින් පෙට්‍රල් ලිටර් 6600 නිකුත් කර තිබු අතර , එම ඉන්ධන තොග සිමාවන්ට යටත්ව යුධ හමුදා සහ පොලිස් ආරක්ෂාව මැද්දේ නිකුත් කිරිමට ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පියවර ගෙන තිබුණි.

එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් විසින් (11) දින බූලි වලට සහ විදුලි ජනක යන්ත්‍ර වලට පෙට්‍රල් ඉන්ධන ලබාදිම නතර කර ටොකන්පත් අනුව පොලිම් වල රැදි සිටි පිරිසට ඉන්ධන නිකුත් කිරිම සිදු කරනු ලැබුහ.

එම ඉන්ධන පිරවුම්හලේ සංචිතයේ තිබු පෙට්‍රල් ඉන්ධන අවසන් විමත් සමග දිගු වේලාවක් පොලිම් වල රැදි සිටි පිරිස හැටන් නගරයේ පැති විදිය වසා දමමින් නොසන්සුන්කාරි ලෙස හැසිරිම නිසා නගරයේ රථ වාහන තදබදයක්ද පැවති අතර , පොලිස් නිලධාරින් විසින් මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරිම උත්සහ කිරිමේදි දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?