AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන කූපන් ක්‍රමයට දෙන්න යෝජනාවක්

කූපන් ක්‍රමයට ඉන්ධන ලබාදිය හැකිදැයි ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අදහස් පළවී ඇතැයි වාර්තා වනවා. රජයේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙකු එහිදී යෝජනා කර ඇත්තේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා වැඩි මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකටයාම යෝග්‍ය බවයි.

දැනට ශ්‍රී ලංකාවේ ඉන්ධන භාවිතය බොහෝ සෙයින් වැඩිවී තිබීම ද මෙම යෝජනාවට හේතුවී ඇති බවයි වාර්තා වුණේ. කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය එම යෝජනාවට එකඟතාව පළ කර නැහැ.

ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 300 ත් 420 ත් අතර මුදලක් වැයවනවා. කොරෝනා සමයෙන් පසු මෙරට ඉන්ධන භාවිතයද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අත්‍යවශ්‍ය නොවන රූපලාවන්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය, අත්‍යවශ්‍ය නොවන ආහාර සහ බීම වර්ග, පළතුරු මෙන්ම වයින් ඇතුලු මත්පැන් ආනයනය ද සීමා කිරීමට සිදුවන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?