AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දු ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

විදේශ අමාත්‍ය අලි සබ්‍රි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දියාවේ නිල සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර මෙම හමුව සිදුවී ඇත්තේ හයිද්‍රාබාද් මන්දිරයේදීයි.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍ය අලි සබ්‍රි කියාසිටියේ මෙම ඵලදායී ද්වීපාර්ශවික හමුවේදී ඉන්දු ලංකා සබඳතාවල වත්මන් තත්ත්වය පිළිබඳ සමාලෝචනයට ලක් වූ බවයි.

නවදිල්ලි නුවර පැවැත්වෙන සමුළුවක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේදී ස්ලෝවේනියා විදේශ අමාත්‍ය Tanja Fajon ද හමුවී තිබෙනවා.

එහිදී දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා මෙන්ම බහු පාර්ශවික සම්බන්ධතාවල සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා වූ බවයි ඔහු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?