ඉන්දු – ඕස්ට්‍රේලියා ලෝක කුසලාන සංචිතවල වෙනසක්

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළ ඉන්දීය සංචිතයේ වෙනස්කමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ලෝක කුසලාන සංචිත වෙනුවෙන් නම්කර සිටි දඟ පන්දු යවන ක්‍රීඩක අක්සාර් පටෙල් ඉවත්කර ඇති අතර ඔහු වෙනුවට රවිචන්ද්‍රන් අශ්වින් සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ආසියානු කුසලානයේ දී ආබාධයකට ලක් වූ අක්සාර් පටෙල් නියමිත කාලයට යථා තත්ත්වයට පත් වීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුව මෙලෙස ලෝක කුසලාන සංචිතයෙන් අවසන් මොහොතේ ඉවත්කර ඇති බව සඳහන්.

ඕස්ට්‍රේලියාව සමඟ නිමා වූ එක්දින තරගාවලියේ දී යළි තම රිද්මය මැනවින් හඳුනාගත් රවිචන්ද්‍රන් අශ්වින් ඒ අනුව සංචිතයට කැඳවා තිබෙනවා.

මේ අතර ලෝක කුසලානයට නම්කර තිබූ ඕස්ට්‍රේලියානු සංචිතයේ ද වෙනස්කමක් සිදුකරන්නට අවසන් මොහොතේ කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියානු සංචිතයට නම්කර සිටි දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් ආබාධයකට ලක්වීමත් සමඟයි එම සංචිතයේ මෙම වෙනස්කම සිදුකර ඇත්තේ.

ඒ, අනුව ඇෂ්ටන් ඒගාර්ගේ ඉවත්වීමත් සමඟ මෙවර ලෝක කුසලාන සංචිතයේ ඉඩක් නොලැබ සිටි මාර්නස් ලැබුස්චේන්ට සංචිතයට එක්වීමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඉන්දියාව සමඟ අවසන් වූ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගයේ දී ලකුණු අතරට පැමිණීමට මාර්නස් ලැබුස්චේන්ට හැකියාව ලැබුණා.

ලෝක කුසලානයට සහභාගී වන සියලුම රටවල් සැප්තැම්බර් 28 එනම් අද දිනට පෙර ඔවුන්ගේ අවසන් සංචිතය ICC වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

මේ අතර මෙවර තරගාවලියේ පහුණු තරග හෙට (29) දිනයේ සිට ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
0
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?