ඉන්දු – ඕස්ට්‍රේලියා ලෝක කුසලාන සංචිතවල වෙනසක්

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළ ඉන්දීය සංචිතයේ වෙනස්කමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ලෝක කුසලාන සංචිත වෙනුවෙන් නම්කර සිටි දඟ පන්දු යවන ක්‍රීඩක අක්සාර් පටෙල් ඉවත්කර ඇති අතර ඔහු වෙනුවට රවිචන්ද්‍රන් අශ්වින් සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ආසියානු කුසලානයේ දී ආබාධයකට ලක් වූ අක්සාර් පටෙල් නියමිත කාලයට යථා තත්ත්වයට පත් වීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුව මෙලෙස ලෝක කුසලාන සංචිතයෙන් අවසන් මොහොතේ ඉවත්කර ඇති බව සඳහන්.

ඕස්ට්‍රේලියාව සමඟ නිමා වූ එක්දින තරගාවලියේ දී යළි තම රිද්මය මැනවින් හඳුනාගත් රවිචන්ද්‍රන් අශ්වින් ඒ අනුව සංචිතයට කැඳවා තිබෙනවා.

මේ අතර ලෝක කුසලානයට නම්කර තිබූ ඕස්ට්‍රේලියානු සංචිතයේ ද වෙනස්කමක් සිදුකරන්නට අවසන් මොහොතේ කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියානු සංචිතයට නම්කර සිටි දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් ආබාධයකට ලක්වීමත් සමඟයි එම සංචිතයේ මෙම වෙනස්කම සිදුකර ඇත්තේ.

ඒ, අනුව ඇෂ්ටන් ඒගාර්ගේ ඉවත්වීමත් සමඟ මෙවර ලෝක කුසලාන සංචිතයේ ඉඩක් නොලැබ සිටි මාර්නස් ලැබුස්චේන්ට සංචිතයට එක්වීමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඉන්දියාව සමඟ අවසන් වූ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගයේ දී ලකුණු අතරට පැමිණීමට මාර්නස් ලැබුස්චේන්ට හැකියාව ලැබුණා.

ලෝක කුසලානයට සහභාගී වන සියලුම රටවල් සැප්තැම්බර් 28 එනම් අද දිනට පෙර ඔවුන්ගේ අවසන් සංචිතය ICC වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

මේ අතර මෙවර තරගාවලියේ පහුණු තරග හෙට (29) දිනයේ සිට ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34