ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා සඳහා සාකච්ඡා

ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

“එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගි වීමට චීනයට ගොස් සිටින ජනාධිපතිවරයා සහ ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ (Joko Widodo) අතර නිල හමුව අද (17) පෙරවරුවේ බීජිං නුවර දී සිදු වූ අතර එහිදීයි නායකයින් මේ පිළිබඳ දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණේ.

පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් සහ ෆාම් ඔයිල් තහනම හේතුවෙන් දෙරට අතර ආනයන, අපනයන කාර්යයන් සඳහා ඇති වූ බලපෑම පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු වුණා.

ආසියානු රටවල් ගණනාවක් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමටත්, ඉන්දියාව සමග ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම වඩාත් විධිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට කටයුතු කිරීම වඩාත් කාලෝචිත බවයි ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ලෝක ආර්ථික සහ දේශපාලන ප්‍රවණතා පිළිබඳවත්, ආසියානු කලාපයේ කුඩා රාජ්‍යයන් ලෙස එම අභියෝග හමුවේ කටයුතු කළ ආකාරය පිළිබඳවත් මෙහිදී නායකයන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත්තා.

ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නෝ මර්සුදි (Retno Marsudi) ප්‍රමුඛ එරට අමාත්‍යවරුන් සහ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන පිරිස් එක්ව සිටියා.

1f96c689 780d 43e2 9937 7b8a9813d081
9fad847f bc18 4701 b07d 32f4e4cd0f6e
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54