ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා සඳහා සාකච්ඡා

ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

“එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගි වීමට චීනයට ගොස් සිටින ජනාධිපතිවරයා සහ ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ (Joko Widodo) අතර නිල හමුව අද (17) පෙරවරුවේ බීජිං නුවර දී සිදු වූ අතර එහිදීයි නායකයින් මේ පිළිබඳ දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණේ.

පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් සහ ෆාම් ඔයිල් තහනම හේතුවෙන් දෙරට අතර ආනයන, අපනයන කාර්යයන් සඳහා ඇති වූ බලපෑම පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු වුණා.

ආසියානු රටවල් ගණනාවක් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමටත්, ඉන්දියාව සමග ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම වඩාත් විධිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට කටයුතු කිරීම වඩාත් කාලෝචිත බවයි ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ලෝක ආර්ථික සහ දේශපාලන ප්‍රවණතා පිළිබඳවත්, ආසියානු කලාපයේ කුඩා රාජ්‍යයන් ලෙස එම අභියෝග හමුවේ කටයුතු කළ ආකාරය පිළිබඳවත් මෙහිදී නායකයන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත්තා.

ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නෝ මර්සුදි (Retno Marsudi) ප්‍රමුඛ එරට අමාත්‍යවරුන් සහ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන පිරිස් එක්ව සිටියා.

1f96c689 780d 43e2 9937 7b8a9813d081
9fad847f bc18 4701 b07d 32f4e4cd0f6e
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?