ඉන්දීය හෙදියකට යේමනයෙන් මරණ දඬුවම

ඉන්දීය ජාතික කාන්තාවක් වන නිමෂා ප්‍රියා හට යේමන අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම චූදිත තැනැත්තිය වෘත්තියෙන් හෙද නිලධාරිණියක් බවයි.

කෙසේවෙතත් ඇය ව ජූලි මස 16 වැනි දා මරණ දණ්ඩනයට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ 2018 වර්ෂයේ දී මෙම තැනැන්තිය විසින් ඝාතනයක් සිදු කරනු ලැබීමත් ඊට වරදකරු බවට තීන්දු කිරීමත් ය.

ඇය රටින් පලා යාමට උත්සාහ කෙරුණ ද ඇය ව යේමනයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ඉන්දීය ජාතික හෙද නිලධාරිණිය ඝාතනය කර ඇත්තේ යේමන් ජාතිකයෙකු බවත් වාර්තා වනවා.

ඇයට මරණ දඬුවම ලබා දිය යුතු බවට යේමන් ජනාධිපතිවරයා ස්ථිර කර ඇති බවත් පැවසෙනවා.

කෙසේවෙතත් මෙම සිදුවීම ඉන්දීය රජය දැඩි ලෙස අවධානය යොමු කළ කාරණයක් බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
1
+1
2
+1
12
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?