AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය සුපිරි කෝටිපති ව්‍යාපාරික අම්බානිගේ නිවස අසළ බෝම්බ පිරවූ රථයක්

ඉන්දීයාවේ ධනවත් ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ නිවස අසල අත්හැර දමා තිබූ මෝටර් රථයක තිබී අධි බැලැති පුපුරණ ද්‍රව්‍ය වර්ගයක් හමු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බෝම්බය පිළිබඳව පරික්ෂණ ආරම්භ කර ඇති බවට මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පවසා ඇති අතර මෙයට සම්බන්ධ අයව වහා හෙළිවනු ඇති බව ද ඔහු අවධාරණය කර තිබේ. පොලීසිය විසින් සිදු කරන ලද මුර සංචාරයකදී මෙලෙස අත්හැර දමා තිබූ මෝටර් රථයක් හමු වී ඇති අතර ඔවුන් විසින් ඉන්දීය බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කර ඇත. මෙහි දී මෝටර් රථය පරික්ෂා කිරීමේ දී බෝම්බයක් නිර්මාණය කිරීමට ගන්නා පුපුරණ ද්‍රව්‍ය සහ අදාළ ද්‍රව්‍ය හමු වී ඇති අතර එය බෝම්බයක් ලෙස සකස් නොකර තිබූ බව ද පොලීසිය විසින් පවසා තිබේ.

එම ස්ථානයේ මේ වන විටත් දැඩි ආරක්ෂාවක් පනවා ඇති බව ද වාර්තා වෙයි. ඉන්දීය සුපිරි බිලියනපති මුකේෂ් අම්බානිගේ නිවස පිහිටා ඇත්තේ මුම්බායි නගරයේ සුපිරි ධනවතුන් සහ ඉහළ පෙළේ ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක වන අතර ඔහුගේ නිවස ලෝකයේ සුපිරි පෙළේ නිවස්වලින් එකක්ද වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?