ඉන්දීය වෛද්‍යවරියගේ අනන්‍යතාව හෙළිවන සියලු දෑ වහාම ඉවත් කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පසුගිය 09 වැනිදා ඉන්දියාවේ කොල්කටා නගරයේ රෝහලක දී සමූහ දූෂණයට ලක් ව ඝාතනයට ලක් වූ කනිෂ්ඨ සීමාවාසික වෛද්‍යවරියගේ නම, ඡායාරූප සහ ඊට අදාළ සියලු ම වීඩියෝ දර්ශන වහාම
සමාජ මාධ්‍ය වෙතින් ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද (21) යළිත් කැඳවමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව කිසිදු සමාජ ජාලා වෙබ් අඩවියක හෝ, මුහුණුපොතක හෝ ඇයගේ නම, වීඩියෝ දර්ශන හෝ ඡායාරූප නොතිබිය යුතු බවයි අධිකරණය දැනුම්දි ඇත්තේ.

ඇයගේ අනන්‍යතාව හෙළි කිරීම පිළිබඳව වන පෙත්සමක් නීතිඥවරුන් විසින් අධිකරණයට ගොනු කරනු ලැබීමෙන් පසු එය විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම සලකා බැලීමෙන් පසු ඉන්දී‍ය ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ ලිංගික අතවරයකට ලක් වී ඝාතනය වූවෙකුගේ අනන්‍යතාව හෙළි කිරීම සහ ප්‍රචාරණය කිරීම ‘නිපුන් සක්සේනා’ නඩු විභාගයේ තීන්දුව දැඩිව උල්ලංඝනය කිරීමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
10
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21