Empty Ad
AFC Banner
AFC Banner

ඉන්දීය විදේශ ලේකම් දිවයිනට

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වත්‍රා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (10) රාත්‍රියේ දිවයිනට පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළා.

විදේශ ලේකම්වරයා සමඟ දූත පිරිස ලෙස තවත් තිදෙනකු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී- 33 දරණ ගුවන් යානයෙන් ඊයේ (10) රාත්‍රී
08.55 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඉන්දීය විදේශ ලේකම්වරයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?