ඉන්දීය විදේශ කටයුතු ඇමති G20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් නිව්යෝර්ක්හි පැවති දෙවන G20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතමින්, ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය සමගියක අවශ්‍යතාවය අවධාරණය කළ අතර එක්සත් ජාතීන් ඇතුළු බහුපාර්ශ්වික ආයතනවල හදිසි ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලා සිටියා.

“සංවර්ධනයට නිරන්තර තර්ජනයක් වන්නේ සාමයට නිරන්තර බාධාවක් වන ත්‍රස්තවාදයයි. ලෝකය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා ඉවසීමක් හෝ අනුග්‍රහයක් නොපෙන්වීම අත්‍යවශ්‍ය වේ. ත්‍රස්තවාදීන් අතර පුළුල් ජාලකරණයක් ඇති බැවින්, ඕනෑම පෙරමුණකින් ඔවුන්ට එරෙහිව ක්‍රියා කරන අය ඇත්ත වශයෙන්ම සමස්තයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට විශාල සේවාවක් ඉටු කරති,” ජයශංකර් පාකිස්තානය නම් නොකර පැවසුවා.

ගෝලීය පිළිවෙල මුහුණ දෙන බහුවිධ අර්බුද ඉස්මතු කරමින්, පවතින බහුපාර්ශ්වික රාමු වල අසාර්ථකත්වයන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. “අපි ගැටුම්, ආර්ථික පීඩන සහ ත්‍රස්තවාදයට මුහුණ දෙන විට, බහුපාර්ශ්විකත්වයේ සහ විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සීමාවන් දෘශ්‍යමාන වේ. බහුපාර්ශ්විකත්වය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය කිසිදා මෙතරම් විශාල වී නැත,” ඔහු සඳහන් කළා.

ගෝලීය කැළඹීම් මධ්‍යයේ වැඩි වගකීමක් භාර ගන්නා ලෙස ජයශංකර් G20 රටවලින් ඉල්ලා සිටියා.

“සගයිනි, අද ජාත්‍යන්තර තත්ත්වය දේශපාලනිකව සහ ආර්ථික වශයෙන් අස්ථාවරයි. G20 සාමාජිකයින් ලෙස අපට එහි ස්ථාවරත්වය ශක්තිමත් කර එය වඩාත් ධනාත්මක දිශාවකට යොමු කිරීමට විශේෂ වගකීමක් තිබෙනවා. එය කළ හැක්කේ සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කිරීමෙන්, ත්‍රස්තවාදයට එරෙහිව දැඩි ලෙස සටන් කිරීමෙන් සහ ශක්තිමත් බලශක්ති සහ ආර්ථික ආරක්ෂාව සඳහා ඇති අවශ්‍යතාවය අගය කිරීමෙන්,” ඔහු පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?