ඉන්දීය පිළේ සහාය පුහුණුකරුවන් ලෙස ගාම්භීර් හිතවතුන් ලංකරගනී

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් ලෙස අභිෂේක් නයාර් සහ රයන් ටෙන් ඩොස්චේට් පත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම්වන බව වාර්තා වනවා.

කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, ශ්‍රී ලංකාවට එරෙහිව එළඹෙන විස්සයි විස්ස සහ එක්දින තරඟාවලිය සඳහා මොවුන් දෙදෙනා නව ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් සමඟ එක්වනු ඇති බව වාර්තාව වන්නේ.

අභිෂේක් නයාර් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ගාම්භීර් එම කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන විට නයාර් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

මේ අතර රාහුල් ඩ්‍රාවිඩ් යටතේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ටී දිලිප් නව සහාය කාර්ය මණ්ඩලයේ ද රඳවා ගැනීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති අතර, බොහෝ විට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මෝර්නි මෝකල් එම තනතුර සඳහා පත්කරනු ඇති බවයි විශ්වාස කරන්නේ.

මෝර්නි මෝකල් ද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කොටසක් ලෙස ගාම්භීර් සමඟ ද කටයුතු කර ඇති අතර, ඔහු ගාම්භීර්ගේ නායකත්වය යටතේ 2014 සහ 2016 අතර IPL තරගාවලි සඳහා ක්‍රීඩා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25