ඉන්දීය පිළේ ප්‍රධාන පුහුණුකරු වෙන්න සංගාගේ අදහසක් නැහැ

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එක්වන බවට පුවත් පසුගිය දින කිහිපයේ දීම වාර්තා වුණා.

එවැනි තත්ත්වයක් තිබිය දී සංගක්කාර පවසන්නේ ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම් කිරීමේ කිසිදු අභිප්‍රායක් නොමැති බවයි.

ඒ, අනුව සංගක්කාර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ඉල්ලුම් කිරීමේ කතාව ප්‍රතික්ෂේප කළ අතර, එම කාර්යබහුල රැකියාවට කැපවීමට තමාට “කාලයක් නොමැති” බව පවසමින් රාජස්ථාන් රෝයල්ස් සමඟ තනතුරක් දැරීමට තමා සතුටු වන බවයි සඳහන් කළේ.

2024 අයි.පී.එල් තරඟාවලියේ 02 වන සුදුසුකම් ලැබීමේ තරඟයේදී සන්රයිසස් හයිද්‍රාබාද් හමුවේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 36 කින් පරාජයට පත්වීමෙන් පසුව මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර මේ බව සඳහන් කළා.

“මාව සම්බන්ධ කරගෙන නැහැ. මට ඉන්දියාවේ පුහුණුකරු රැකියාවකට පූර්ණ කාලීනව කැපවෙන්න වෙලාවක් නැහැ. රාජස්ථාන් රෝයල්ස් එක්ක මගේ වැඩකටයුතු ගැන සතුටුයි. අපි බලමු ඒක කොහොමද කියලා.”

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ් එම තනතුරින් ඉවත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45


?