ඉන්දීය ධීවරයින් ගැන ධීවර ඇමති රාමලිංගම්ගෙන් ප්‍රකාශයක්

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල්වීම වැළැක්වීම සහ ධීවර කටයුතුවල යෙදීම වැළැක්වීමට අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා ඇති බව ධීවර, ජලජ සම්පත් හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා.

ඊයේ (29) යාපනය- ඩෙල්ෆ් දූපතේ සංචාරයක යෙදීමෙන් පසු ධීවරයින් හමු වී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙහිදී මෙරට ධීවරයින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ ඉන්දීය ධීවරයින් සිය මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීම තම ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි.

ඉන්දීය ධීවරයින් අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීම සඳහා ස්ථිර ආරක්ෂක යාන්ත්‍රණයක් අවශ්‍ය බව ද මෙරට ධීවරයින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නා.

ඒ සම්බන්ධයෙන් සුදුසු යාන්ත්‍රණයක් සකසන බවයි රාමලිංගම් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මීට අමතර ව අමාත්‍යවරයා නෙදුන්තීව් ජනතාව සමඟ සාකච්ඡාවල ද නිරත වූ අතර මෙම කාලය තුළ නෙදුන්තීව් දූපත සංවර්ධනය කිරීම සහ සංචාරක අංශයේ සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා ප්‍රදේශවාසීන්ට දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22