AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය දේශපාලඥයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

ඉන්දීය දේශපාලඥයෙක් වන බාබා සිද්දික් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මුම්බායි හිදී ඔහුව මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

66 හැවිරිදි බාබා සිද්දික් ඔහුගේ පුත්‍රයාගේ කාර්යාලය අසලදී තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර

ඉන්දියාවේ කුප්‍රකට අපරාධකරුවෙකු වන ලෝරන්ස් බිෂ්නෝයි විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවයි ඉන්දීය ආරක්ෂක අංශ සැකපළ කරන්නේ.

හිටපු ප්‍රාදේශීය අමාත්‍යවරයකු වූ සිද්දික්, ලබන මාසයේ දී ව්‍යවස්ථාදායක මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දේශපාලනයේ ජ්‍යෙෂ්ඨ චරිතයක් වුණා.

සිද්දික් සුඛෝපභෝගී සාද සහ බොලිවුඩ් සුපිරි තරු සමඟ සමීප සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධව සිටි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?