AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය දුම්රිය න්‍යෂ්ටික බලයට පරිවර්තනය කිරීමේ සැලසුමක්

පොසිල නොවන ඉන්ධන ප්‍රභවයන් සහ පුනර්ජනනීය ප්‍රභවයන් මත යැපීම වැඩි කිරීමට උත්සාහ කරන බැවින් ඉන්දියානු දුම්රිය සේවය න්‍යෂ්ටික බලය භාවිතා කිරීමේ අවස්ථාවන් ගවේෂණය කරන බව ද හින්දු වෙබ් අඩවිය වාර්තා කරනවා.

2030 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචකයක් බවට පත්වීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුමයි.

තව ද මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා 2029-30 වන විට පුනර්ජනනීය ධාරිතාව මෙගාවොට් 30,000ක් අවශ්‍ය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

න්‍යෂ්ටික බලයට අමතරව සූර්ය බලශක්ති ඒකක සහ සුළං මත පදනම් වූ බලාගාර ක්‍රියාත්මක කිරීමට දුම්රිය දැනටමත් ක්‍රියාකරමින් සිටිනවා.

ජල විදුලිය ද ලබා ගැනීමට හැකි වනු ඇති.

සෑම අවස්ථාවකදීම, ඔවුන් බලනුයේ වහල මත බල උත්පාදන ඒකක තිබීම සම්බන්ධයෙන්.

ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව (NPCIL) සමඟ නුදුරේදීම සාකච්ඡා කරන බව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හින්දු සමග පවසා තිබුණා.

පුනර්ජනනීය ඉන්ධන භාවිතය සඳහා, ඉන්දියාවේ Solar Energy Corporation (SECI), NTPC, නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය (MNRE) සමඟ හවුල්කාරිත්වයන් ඇතිකර ගැනීම කෙරෙහිද දුම්රිය දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබෙනවා.

ඉන්දියානු දුම්රිය යනු විශාලතම විදුලි පාරිභෝගිකයා වන අතර ඔවුන්ගේ දුම්රිය සහ කාර්යාල ධාවනය සඳහා වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 20,000 කට ආසන්න මුදලක් වැය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?