ඉන්දීය ගුවන් යානාවලට පාකිස්ථාන අහස වසාදැමීමේ තීරණය දීර්ඝ කරයි

ඉන්දීය ගුවන් යානා සඳහා තම ගුවන් අවකාශය වසා දැමීමට පාකිස්ථානය ගත් තීරණය තවත් මාසයකින් දීර්ඝ කර තිබෙනවා.

පාකිස්ථාන ගුවන්තොටුපොළ අධිකාරිය සඳහන් කළේ මෙම තීරණය අගෝස්තු 24 දක්වා බලපැවැත්වෙන බවයි.

පාකිස්ථාන රජය ගනු ලැබූ මෙම තීරණයත් සමඟ ඉන්දීය ගුවන් සේවා මගින් ක්‍රියාත්මක කරන කිසිදු ගුවන් යානයකට, ඉන්දියාවට අයත් හෝ බදු දී ඇති හමුදා සහ සිවිල් ගුවන් යානාවලට පාකිස්ථාන ගුවන් අවකාශයට ඇතුළුවීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

අප්‍රේල් 22 වන දින පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, පාකිස්ථානයට එරෙහිව ඉන්දීය රජය ගත් පියවරවල කොටසක් ලෙස අප්‍රේල් 30 වන දින පළමුව තහනමක් පැනවීමෙන් පසු ජූලි 24 වන දින දක්වා සියලුම පාකිස්ථාන ගුවන් යානා සඳහා ඉන්දියානු ගුවන් අවකාශය වසා දැමුණා.

පාකිස්ථානය අප්‍රේල් 24 වන දින ඉන්දියානු ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය පළමුව වසා දැමූ අතර, දෙරට විසින් පනවා තිබූ ටයිට්-ෆෝ ටැට් සීමාවන් කිහිප වතාවක් දීර්ඝ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?