ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේදර් ජාදව්ගේ පියා අතුරුදන්

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේදර් ජාදව්ගේ පියා අතුරුදන්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මහාදේව් සෝපන් ජාදව් වන ඔහු ඊයේ (27) දින සිට මෙලෙස අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පූනේහි කොත්රාඩ් ප්‍රදේශයෙන් ඔහු මෙලෙස අතුරුදන්ව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් ආරක්ෂක අංශ වෙත පැමිණිලි කර ඇති බවයි වාර්තා වුණේ.

පූනේ පොලිසිය විසින් මේ වනවිටත් කේදර් ජාදව්ගේ 75 හැවිරිදි පියා සෙවීම ආරම්භ කර තිබෙනවා.

මේ අතර පියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලිකරමින් කේදර් ජාදව් පවසා ඇත්තේ තම පියා සුළු අසනීප තත්ත්වයකින් ද පෙලුනු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?