ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහක අයිතීන් ලබාගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිළිගත් ආයතනවලින් ලංසු කැඳවා තිබෙනවා.
ed-tech සමාගමක් වන BYJU’S සමඟ ඇති ගිවිසුම පසුගිය මූල්‍ය වර්ෂයේ දී අවසන් වූ අතර, ඒ අනුවයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්වය සඳහා මෙලෙස නව අනුග්‍රාහකයෙක් සොයමින් පසුවන්නේ.
මෙහිදී ලංසු ලේඛනය රුපියල් ලක්ෂ 05ක ආපසු නොගෙවන ගාස්තුවකට මිලදී ගත හැකි අතර, ලංසු තැබීමේ අවසන් දිනය ලෙස දක්වා ඇත්තේ ජුනි 26 වනදායි.
මේ අතර ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන අනුග්‍රාහකත්වය සඳහා අයදුම් කිරීම තහනම් කර ඇති සන්නාම කාණ්ඩ කිහිපයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
මත්පැන්, දුම්කොළ, ඔට්ටු ඇල්ලීම්, ක්‍රිප්ටෝකරන්සි ඇතුළු කාණ්ඩ කිහිපයක් එලෙස තහනම්කර ඇති බවයි වාර්තා වන්නේ.